ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ජනපතිගෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්..

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ජනපතිගෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්..

  • September 13, 2022
  • No Comment
  • 26

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) ආරම්භ කෙරිණි.

මේ යටතේ,

කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි.
ආහාර සුරක්ෂිතතාවට කමිටු 07 ක්

මන්දපෝෂණය තුරන් කිරීමට ප්‍රමුඛත්වය

ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර

මහ කන්නය සාර්ථක කර ගැනීමට කෘෂි යෙදවුම් අඛණ්ඩව

2025 වනවිට ආහාර අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට සැලසුම්

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

අදාළ යාන්ත්‍රණය කමිටු 7ක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ.

ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපත්තිවයෙන් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇති.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට  දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කෙරෙන බව, එම නිවේදනයේ සඳහන් ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *