ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් – USAID

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් – USAID

  • September 11, 2022
  • No Comment
  • 44

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසන්නීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරදීමට සහතික වන බවත් ඇය අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී සඳහන් කළාය.

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය සහතික වී තිබේ.

ශ්‍රී ලංකාව සමග ඇති ස්ථාවරය ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවෙන් තමන් ප්‍රකාශ කරන බවත් සමන්තා පවර් මහත්මිය පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායම මේ සඳහා සම්බන්ධ වූයේ ජනාධිපතිවරයාට සහ රටේ සමස්ත ජනතාවට එළැඹ ඇති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාර කිරීම සඳහා බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම ඒ සඳහා හැකියාවක් ජනාධිපතිවරයා සතු බව ද පවර් මහත්මිය පෙන්වා දුන්නාය.

රටේ පෞද්ගලික අංශයේ විභවයන් මුදා හැරීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා එල්ල වන බාධා අවම කර ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් විනිවිඳභාවයෙන් යුතුව එය සිදුකොට ජනතාවගේ හැකියාවන් සහ විවිධ අංශවල වේගවත් ගමන් මඟ වෙනුවෙන් අඟුළු හැරීමට කටයුතු කරන්නේ නම් එය ඇඳහිය නොහැකි වන බව පවර් මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සොනාලි කෝදි, ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලි කවුර්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ  ගේබ්‍රියල් ග්‍රවු යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට
සහභාගී වූහ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *