ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ජිනීවාහි දී දැවැන්ත උද්ඝෝෂණයක..!

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ජිනීවාහි දී දැවැන්ත උද්ඝෝෂණයක..!

  • August 29, 2022
  • No Comment
  • 32

ආණ්ඩුවේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී  මර්ධනය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජිනීවාහි මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ (28) දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

ඒ ඒ රටවල වැඩ වාසය කරන සංඝයාවහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

යුරෝපයේ රටවල් දහයක පිරිස්  උද්ඝෝෂණට එක් වී උන්හ. ඉතාලියෙන් බස් රථ පහක්ද, ප්‍රංශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයෙන්, ජර්මනියෙන් සංවිධානය වූ බස්රථ ද පැමිණ තිබිණි.

විශේෂත්වය වන්නේ පුරා පැය 25ක  ගමනක යෙදෙමින් පෝලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකක පිරිසක් ද මෙම උද්ඝෝෂණ භූමියට පැමිණ සිටීමය.

ඊට අමතරව විශාල පිරිසක් පුද්ගලිකව සිය ප්‍රවාහනය සපයාගෙන තිබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන  අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, රැඳවුම් නියෝග සහිතව රඳවා ගැනීම, ඇතුළු මානව හිමිකම් උල්ලංඝණය කරන ත්‍රාඩ නීති ක්‍රියාත්මක කරමින් සිදුකරන මර්ධනය සම්බන්ධව මෙහිදී දැඩි විරෝධය පල කෙරනි.

පුරා පැය දෙකක් තිස්සේ විරෝධතාකරුවෝ සිය උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූහ.

CXN

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *