
අලුතින් භාණ්ඩාගාර බැඳුම්කර 2ක් නිකුත් කරයි..
- September 13, 2022
- No Comment
- 53
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද(13) දින කාණ්ඩ 2ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක් සිදුකර තිබේ.
එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රුපියල් මිලියන 30,000 ක් හා රුපියල් මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
එහිදී 2025 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ, රුපියල් මිලියන 3,704 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් සඳහා වූ ලංසු පමණයි.
මේ අතර, 2032 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් සම්පූර්ණ නිකුතුවටම අදාළ ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මෙහිදී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය හෙවත් පොළිය 2025 කාණ්ඩය සඳහා 29.16% ක් සහ 2032 කාණ්ඩය සඳහා 29.96% ක් ලෙසින් තීරණය කර තිබේ.