අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..

අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..

  • September 25, 2022
  • No Comment
  • 42

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද  (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.

එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ  මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගිවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජිල් බයිඩ්න් මහත්මිය හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, අමාත්‍ය අලි සබ්රි මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්, වික්ටෝරියා නූලන්ඩ් ද හමුවී සාකච්ඡා කළ බවයි.

සෝමාලියාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය, අබ්සීර් ඕමාර් ජාමා, නැමීබියාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය, ජෙනලි මාතුණ්ඩු, උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් සහ ආර්මේනියාවේ විදේශ අමාත්‍ය අරත් මිර්සෝයාන් සමග ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සංචාරය තුළදී අමාත්‍ය සබ්රි මහතා නොබැඳි ව්‍යාපාරයේ අමාත්‍ය රැස්වීම, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ අමාත්‍ය රැස්වීම සහ චීනය විසින් සත්කාරකත්වය දරන ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිතුරන්ගේ කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම ද ආමන්ත්‍රණය කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *