අයවැයෙන් සංශෝධනය වන වියදම් මොනවා ද?

අයවැයෙන් සංශෝධනය වන වියදම් මොනවා ද?

  • August 30, 2022
  • No Comment
  • 32

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 සංශෝධිත අය – වැය අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම අයවැයෙන් සංශෝධනය වන වියදම් මොනවා ද? 

2022 මුදල් වර්ෂය සඳහා මුදල් වෙන්කෙරෙන අය – වැය ලේඛනය හෙවත් විසර්ජන පනත පසුගිය දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙසේ වෙතත් රජය සැලසුම් කළ අයවැය යෝජනා ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ, මෙම වසර ආරම්භයේ සිට රට මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය හමුවේයි.

එපමණක් නොව එම අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත්, ජනාධිපතිවරයාත් සිය ධුරවලින් ඉවත්වීම හේතුවෙන්  රජය සැලසුම් කළ සංවර්ධන යේජනා ද ක්‍රියාත්ම කීරීමට නොහැකි තත්ත්වක් නිර්මාණය විය.

අභිනව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව ඔහු සිය ප්‍රතිපත්ති මාලාව එළි දක්වමින් ප්‍රකාශ කළේ,  මෙම වසර සඳහා සම්මතවී  ඇති අයවැය සංශෝධනය කරන බවයි.

ඒ අනුව  සංශෝධිත අය-වැය  හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම ලෙස පසුගිය අගොස්තු 09 වැනිදා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

එහි දෙවන පියවර වන සංශෝධිත අය-වැය ලේඛනය දෙවන වර කියවීම හේවත් අයවැය කතාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිත් කිරීමට නියමිතයි.

මේ වසර සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් සඳහා අනුමත කර තිබූ රුපියල් බිලියන 2796.4 ක් වූ වියදම සංශෝධිත අය-වැය තුළින් රුපියල් බිලියන 3275.8 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

ඒ අනුව අදාළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 929.4 කින් ඉහළ යනු ඇති.

මේ අතර  මේ වසර තුළ ලබා ගැනීමට සැලසුම් කර තිබු ණය සීමාව ද රුපියල් බිලියන 3,200 සිට 4,082 ක් දක්වා බිලියන 892 කින් වැඩි කර ගැනීමට සංශෝධිත අයවැය තුළින් යෝජිතයි.

2022 වර්ෂය සඳහා අමාත්‍යාංශ 32 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 43 ක් වෙනුවෙන් මුදල් වෙන්කර තිබූ අතර සංශෝධිත අයවැය තුළින් අමාත්‍යාශ 29 සඳහා මුදල් වෙන්කිරීමට  නියමිත බව පාර්ලිමේන්තු මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ වසර සඳහා සම්මතවී තිබූ අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබුණේ,  ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වන අතර  සංශෝධිත අයවැය තුළ වැඩිම වැය ශිර්ෂය වැය කිරීම අපේක්ෂා කරන්නේ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයටයි.

සංශෝධිත අයවැය තුළ දෙවෙන වැඩිම වැය ශිර්ෂය වන්නේ  මුදල් හා ආර්ථික ස්ථාවරත්වය සඳහා වීම විශේෂත්වයකි.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම් ලාභීන් ඇතුළු ආර්ථික ක්ෂෙත්‍ර ගණනාවක් ආරක්ෂා කරගැනීම සඳහා වන නව  යෝජනා හා ඉහත වියදම් සඳහා ආදායම් උපයා ගන්නා අකාරයත් මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව තුළින් අද පාර්ලිමේතුව හමුවේ ඉදිරිපත් කරනු ඇති.

News 1st

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *