අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව උද්‍යානයේදී මැදවච්චිය ප්‍රා. සභා මන්ත්‍රී අයිස් සමග දැලේ

අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව උද්‍යානයේදී මැදවච්චිය ප්‍රා. සභා මන්ත්‍රී අයිස් සමග දැලේ

  • October 10, 2022
  • No Comment
  • 43

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හතළිහක් සන්තකයේ තබාගෙන අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව උද්‍යානයේ සැක කටයුතු ලෙස රැඳී සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පෙරේදා (08) සවස අනුරාධපුර පොලිසියේ නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සති අන්ත දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති යන මුවාවෙන් සිය නිවෙස්වලින් අනුරාධපුර නගරයට පැමිණ උපකාරක පන්ති නොගොස් කට්ටි පැන නිකරුණේ කාලය ගත කිරීමට කුම්බිච්චන්කුලමවැව උද්‍යානයට පැමිණෙන පාසල් සිසුන් සහ සිසුවියන් එහි පැමිණීම වැළැක්වීම සඳහා පෙරේදා (08) දවල් 12.40 ට පමණ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම උද්‍යානයේ සැක කටයුතු ලෙස බැංකුවක් මත වාඩිවී රැඳී සිටි අදාල සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සමග මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චිය කටුවෙල ප්‍රදේශයේ පදිංචි විසිනව වන වියෙහි පසුවන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බව පොලිසියට ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම එම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා තමන් රැගෙන ආ බවත් සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.

අනුරාධපුර පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න සැරයන්වරුන් වන චන්දන (16446) ප්‍රියන්ත (37759) දිසානායක (33248) කොස්තාපල්වරුන් වන අජිත් (700660) සුදර්ශන (86747) රියැදුරු සැරයන් දයාරත්න (39646) මහත්වරුන් මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූහ.

– පර්සි කුරුනේරු –

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *