අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදයි..

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදයි..

  • September 17, 2022
  • No Comment
  • 60

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදට (17) යෙදී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ, ඊට සමගාමීව අද (17) සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වන බවයි.

මේ යටතේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශවල පවිත්‍රතා වැඩසටහන් 200 ක් පමණ ක්‍රියාත්මක බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.

මෙහි  ප්‍රධාන  වැඩසටහන වයික්කාල, සින්දාන්ත්‍රිය වෙරළ තීරයේ දී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව යනු මනරම් සමුද්‍රීය සහ වෙරළ පරිසරයකට උරුමකම් කියන දූපතකි.

මේ නිසාම ලොව පුරා වෙසෙන සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට මෙරටට හැකිව තිබේ.

එහෙත් සමුද්‍රීය හා වෙරළ පරිසරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවාසනාවන්ත තත්ත්වය නම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින මෙම පරිසර පද්ධතිය දූෂණය වීමයි.

මේ නිසා ධීවර, සංචාරක වැනි කර්මාන්ත ක්ෂේත්‍රයන්ට පමණක් නොව සාගර ජීවින් ඇතුළු සමස්ත මානව ප්‍රජාවට ඉන් අහිතකර බලපෑම් ඇතිකරමින් පවතී.

මෙම සමුද්‍රීය හා වෙරළ පරිසරය දූෂණයෙන් තොරව ආරක්ෂාව ගැනීමේ වගකීම ඇති ප්‍රධාන ආයතනය වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි.

එහි හිටපු සාමාන්‍යාධිකාරි රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න මෙරට වෙරළ පද්ධයට විශාල බලපෑමක් එල්ල කළ බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *