අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවයි..

අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවයි..

  • September 25, 2022
  • No Comment
  • 44

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,ඔවුන්ගෙන් ‍ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර මහතා ද වේ.

අත්අඩංගුවට පත්  පිරිස මේ වන විට සිටින්නේ මරදාන හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් ස්ථානවලයි.

84 arrested in Sri Lanka as protests erupt: Sri Lankan media | International

Picture: 83 arrested in Sri Lanka as protestors

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *