අට වැනිදා අයවැය පරාජයට පත්වේවිද?

අට වැනිදා අයවැය පරාජයට පත්වේවිද?

  • October 29, 2022
  • No Comment
  • 39

ලබන දෙසැම්බර් මස 8  වෙනිදා අයවැය ලේඛනය  පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

විසි එක් වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්
අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද  ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්  එසේ වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර  ලබා ගැනීමට  මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව  පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද  ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකමය වශයෙන් ප්‍රබල වම පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව, රජයේ සහ පෞද්ගලික සේවකයන් ඇතුළු  ජන කොටස් අමතක කර කොටසකට පමණක් මෙවර අයවැය ලේඛනයෙන්  සහන සැලසුව හොත්  සහ  ආර්ථිකයේ යහපත්  දිශානතියක් නොපෙන්වා සිටියහොත් එම ලේඛනයට කිසිසේත්ම සහාය නොදෙන බව
ඔහු වැඩිදුරටත් පැවසීය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ කොළඹදීද ඊයේ(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *