ළඟදීම වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉවතට

ළඟදීම වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉවතට

  • October 21, 2022
  • No Comment
  • 36

ඉදිරි සති දෙක තුළ රථ වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරත පුද්ගලයින්ගෙන් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගෙන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කරන බවය.

අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ ය.

පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465 කට ආනයන සීමා පනවමින් පසුගිය අගෝස්තු 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු භාණ්ඩ සංඛ්‍යාව 708 කි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *