හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

  • September 16, 2022
  • No Comment
  • 30

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. 

2019 අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝබ්ම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ ජේසුරාන් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කර තිබු නඩුවක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෛත්‍රිපාල සිරිසේන මහතා නඩුවේ සැකකරුවෙකු නම් කර  නොතිසි නිකුත් කරනු ලැබී ය.

එවකට රටේ විධායක ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොසැලකිල්ල නිසා එම ප්‍රහාරය සිදුවී ඇති බවත් එබැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ඔහු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *