සෞදි අරාබියේ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථාවන්…

සෞදි අරාබියේ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථාවන්…

  • October 31, 2022
  • No Comment
  • 45

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඇතිවිය හැකි බවය.

එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි අරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව, එම රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින් 2022.11.05 දිනයට පෙර www.slbfe.lk යන කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති Identification of qualified professionals for construction sector in K.S.A යන වෙබ් ද්වාරය (web portal) ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත්කර කාර්යාංශයේ දත්ත බැංකුවේ ලියාපදිංචි වීය යුතු බවය.

මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකිය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *