සුබසාධක ප්‍රතිලාභ ආධාර අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

සුබසාධක ප්‍රතිලාභ ආධාර අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

  • October 15, 2022
  • No Comment
  • 30

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනේ අයැදුම් භාරගැනීම ලබන 28 දක්වා දීර්ඝ කර තිබේ.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම අද (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය.

එබැවින් සහනාධාර අපේක්ෂාවෙන් සිටින සහ තවමත් අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූවන් සඳහා අවස්ථාව තවමත් විවෘතව පවතින බව ද ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝග සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන සියලුම පවුල් හෝ පුද්ගලයින් සහ සහනාධාර අපේක්ෂාවෙන් සිටින පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් නව ව්‍යාපෘතිය යටතේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවය.

අදාළ අයැදුම්පත්‍රය සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) බාගත කළ හැකිය.

නියමිත පරිදි පුරවන ලද අයැදුම්පත, අයැදුම්පතෙහි සඳහන් අදාළ නිලධාරීන්ගේ අවසරය ඇතිව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112151481 හෝ 1919 දුරකතන අංක අමතා ලබාගත හැකියි.

මේ අතර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශ වෙත මෙතෙක් ඒ සම්බන්ධයෙන් අයැදුම්පත් මිලියන 2.4 ක් ලැබී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

එම මණ්ඩලය පැවසුවේ, ඉන් අයැදුම්පත් 1,083,724 ක් දැනටමත් පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

මෙම සමාජ සුබසාධන වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9 ක් අයැදුම් කරනු ඇතැයි අපේක්ෂිතය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *