සීනි කරිඤ්ඤං අල්ලන්න හදපු නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නෙ නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

සීනි කරිඤ්ඤං අල්ලන්න හදපු නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නෙ නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

  • October 7, 2022
  • No Comment
  • 33

මද්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුරා බද්ද යනු, මග පෙන්වීම සඳහා යොදා ගන්නා බද්දක් මිස හුදු රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් පැනවූවක් නොවන බවයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (07) පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

සියඹලාපිටිය අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

“අපි දන්නව අද අපි ඉන්නේ ආර්ථික අභියෝගයක් හමුවේ. ඉස්සර අපි කිවුවෙ ඉදිරි මාස කිහිපයක් සඳහා අපට අවශ්‍ය ඩොලර් සංචිත තියෙනව කියල. නමුත් ඇත්තට ම අද අපට තියෙන්නෙ ඩොලර් බිලියන 1.8ක් විතර. ඒකෙනුත් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් වගේ ප්‍රමාණයක් තියෙන්නෙ.

මම සංඛ්‍යා ලේඛන ටිකක් කියන්නම් අපි අද ඉන්න තත්ත්වය තේරුම් ගන්න. 2018 දී අපේ සංචාරක පැමිණීම 2,333,769ක්. ආදායම ඩොලර් මිලියන 3,925යි. 2019 දී සංචාරක පැමිණීම 1,913,702යි. ආදායම ඩොලර් මිලියන 4,381යි. 2020 දී ගැටලු රාශියක් මධ්‍යයේ සංචාරක පැමිණීම සටහන් වෙන්නෙ 570,704ක් විදියට. ආදායම ඩොලර් මිලියන 3,607යි. 2021දී නැවතත් එය 194,495 දක්වා පහළ ගියා. ආදායම දැක්වුණේ ඩොලර් මිලියන 682ක් විදියට. මේ අවුරුද්දෙ අගෝස්තු 31 වෙද්දි යම් ප්‍රගතියක් ලබමින් 496,430ක් සංචාරකයන් ඇවිත් තියෙනවා. ආදායම ඩොලර් මිලියන 893ක් ලැබිල තියෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් උත්තේජන සැපයිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරා කියා සිටියේ එසේ වුව ද සුරා බදු ප්‍රතිපත්තිය මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය සඳහා කිසි සේත්ම යොදා නොගන්නා බවයි.

“සුරාව පාලනය කිරීමේ පැත්තේන් අපි නව නීති රාශියක් ගේන්න යන්නෙ. මම පසුගිය දවසේ සුරා බදු දෙපාර්තමේන්තු සංචාරයේ දීත් මට දැන ගන්න ලැබුණ අපේ තියෙන නීති යාවත්කාලීන මදි කියන කාරණාව. අපේ සමහර නීති තාමත් අවුරුදු 60කට 70කට කලින් සීනි කරිඤ්ඤං අල්ලන හදපු ඒව. දැන් සුරා බදු නිලධාරීන්ට හැප්පෙන්න වෙලා තියෙන්නෙ ඊසි කෑෂ්වලින් ගනුදෙනු කරන අයත් එක්ක. ඒවට නීති අලුතෙන් ගේනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *