සෑම දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතාවයකින් පෙළෙයි – UN

සෑම දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතාවයකින් පෙළෙයි – UN

  • September 1, 2022
  • No Comment
  • 40

ලංකාවේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

අවුරුදු 05 ට අඩු දරුවන් මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නන් ද ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑමකට ලක්වන බව එම නිවේදනයේ සඳහන් ය.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට සාපේක්ෂව ලංකාවේ අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ඉහළ අගයක් ගන්නා බවයි.

එම වයස් ඛාණ්ඩයේ දරුවන්ගෙන් 17 % ක් වයසට සරිලන වැඩීමක් නොමැති දරුවන් වන අතර තවත්  15% ක් කෘෂ  දරුවන් ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි.

මිලියන 1.5 කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍යව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, රටේ ජනගහනයෙන් මිලියන 6.3 කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අපේක්ෂාවෙන් සිටින බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *