
ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ශෙහාන් පසිදුට ඇප
- November 19, 2022
- No Comment
- 93
ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ (18) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත්, ශෙහාන් පසිදු තරුණයා අද (19) ඇප මත මුදා හැරුණේ ය.
අද (19) පස්වරුවේ අලුත්කඩේ අංක 03 අධිකරණයේ මහේත්‍රාත්වරිය, කොළඹ ජාතික රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේ ය.
අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශෙහාන් පසිදු, අද උදෑසන ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් රටේ සිදුවන මර්දනය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.