
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනා
- September 14, 2022
- No Comment
- 68
ශ්‍රී ලංකාව තුළ බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදුවන බැවින් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු බව ජාත්‍යන්තර සංවිධාන 04 ක් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට් වොච්, ෆෝරම් ඒෂියා සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන ලෙසයි.
ඒ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේට්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ කැනඩාවේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.