ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, එරට වැඩබලන මහ බැංකු අධිපති සමග ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙන්න ජවිපෙ මුලස්ථානයට යයි
- November 1, 2022
- No Comment
- 35
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්රාන්ට් ස්පෙන්සර් (Grant Spencer) සමග ජාතික ජන බලවේගයේ හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවැත්විනි.
මෙම අවස්ථාවට ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් සහ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූහ.
මෙහිදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් විය.
එමෙන්ම ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳවත් වංචා-දූෂණ සම්බන්ධයෙනුත් සාකච්ඡා වූ අතර ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ වංචා-දූෂණවලින් තොරවීම සහ බදු ප්රතිපත්තිය සහ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්රතිපත්ති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.