විශ්ව ශක්තියෙන් දැරියක දූෂණය කළ විශ්මිත කපුවා රිමාන්ඩ්

විශ්ව ශක්තියෙන් දැරියක දූෂණය කළ විශ්මිත කපුවා රිමාන්ඩ්

  • September 16, 2022
  • No Comment
  • 48

විශ්ව ශක්තියෙන් පෙන්නා වයස 12 දැරියකට ලිංගික අතරව කළැයි කියන විශ්මිත කපුවා මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා  නියම කළේය.

එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කුලියාපිටිය පල්ලේවෙල මන්සංධියේ විශ්මිත වෙදමැදුර නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය රුෂාන් චින්තක විජේසූරිය නැමැති වයස අවුරුදු 37ක එක්දරු පියෙකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා දීර්ඝව කරුණු දක්වමින් කියා සිටියේ මෙම දරුවාට දෑවසරක පමණ පටන් අවස්ථා ගණනාවකදී සැකකරු විසින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති බවයි. එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ එවැනි වයස්වල පසුවන කුඩා දැරියන්ගේ අසැබි දර්ශන පෙන්වා දැරියට බලපෑම් සිදුකර ඇති බවද පැවසූ පැමිණිල්ල  එසේ සැකකරු අතින් අගතියට පත් තවත් දියණියන් පිළිබඳව කරුණු අනාවරණය වූ බවයි.

එම දැරියන්ද සොයා ප්‍රකාශ සටහන් කරගැනීම වෙනුවෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව පෙන්වා දෙමින් සැකකරුගේ ජංගම දුරකථනය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්ද සිදුකිරීමට අවශ්‍ය නියෝගද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එහිදී විශ්ව ශක්තියෙන් දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින් දිවයිනේ නමක් දරා ඇති නිසා ප්‍රදේශවාසීන් ඊර්ෂ්‍යාවෙන් යුක්තව කටයුතු කරන බවත් මෙම චෝදනාව සැලසුම් කර නිර්මාණය කළ පැමිණිල්ලක් බවත් පැවසීය.

එමෙන්ම සිදුවීම වී මේ වනවිට වසර දෙකක් ඉක්මව ගොස් ඇති බවද පවසමින් නීතිඥයන් සැකකරුට ඇප ඉල්ලමින් කියාසිටියේ සාධාරණ කාලයක් පැමිණිල්ලක් හෝ සිදුකර නොමැති කමින් පැමිණිල්ල සාවධ්‍ය බව පැහැදිළි වන බවයි. එමෙන්ම සැකකරුගේ නීතිඥයන් පැවසූයේ සැකකරු වෙදකම් කිරීම සම්බන්ධයෙන් ගෞරව නාමයට පවා පාත්‍රවූ අයෙකු බවයි.

දීර්ඝව ඉදිරිපත්වූ සියලු කරුණු පිළිබඳව අවධානය යොමුකළ අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන මහතා ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *