විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න ජනපතිගෙන් සියලු අංශවලට උපදෙස්
- October 16, 2022
- No Comment
- 38
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදි තිබෙන්නෙ. ඒ සදහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය මේ වන විටත් වෙන්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.