විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම කඩිනමින්
- September 20, 2022
- No Comment
- 58
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම ලබන මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න මම බලාපොරොත්තු වෙනවා.”
“ගල්අඟුරු ටෙන්ඩරය ගැන සමාජය තුළ ඇති කළ වැරදි අර්ථකථනයන් නිසා දැන් අපිට අලුතින් ටෙන්ඩර ක්‍රමයට යන්න වෙලා. මොකද ඒ සමාගම අකමැති වුණා ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්න.”
“අපිට ඔක්තෝබර් මාසේ පළවෙනි ගල්අඟුරු නැව ලබාගැනීමට නියමිතව තිබුණත් දැන් අපිට සිදුවෙලා තියෙන්නේ අලුතෙන්ම ටෙන්ඩර් ක්‍රමය ආරම්භ කරන්න.”
“දැන් අඩුවට දෙන්න පුළුවන් කියපු කට්ටියට කියන්න ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න කියලා.”