වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර..

වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර..

  • November 5, 2022
  • No Comment
  • 34

රටේ පවතින මන්දපෝෂණ තත්ත්වයක් ගැන අදහස් ප්‍රකාශ කිරීම නිසා වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර ලබාදීම සඳහා ප්‍රධාන පෙළේ නීති කණ්ඩායම් 04ක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් සමග සාකච්ඡා කර සුදුසු කණ්ඩායමක් සමග සංජීව මහතාගේ වැඩ තහනමට එරෙහිව නීති මඟට යෑමට කටයුතු කරන බවද බණ්ඩාර මහතා කීය. සංජීව මහතාගේ වැඩ තහනමට ලක්වීම දේශපාලන අවශ්‍යතාවය මත සිදුවී ඇති බවත් තම සංගමයේ සභාපතිවරයා වූ ඔහුගේ වෘත්තය සමිති සහ සිවිල් අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීම සඳහා නීතිය හමුවට යන බවත් බණ්ඩාර මහතා කීය.

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ සමීක්‍ෂණයකින් අධීක්‍ෂණයට ලක්වූ පවුල් අතර පැවැති මන්දපෝෂණ තත්ත්වයක් ප්‍රකාශ කිරීම නිසා සංජීව මහතා වැඩ තහනමට ලක්ව ඇති බවත්, එම වැඩ තහනම සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි විමර්ශනයකින් තොරව බවටත් ඒ මහතා චෝදනා කළේය.

චමින්ද සිල්වා

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *