වැඩි ඡන්ද 37කින් අයවැය සම්මතයි

වැඩි ඡන්ද 37කින් අයවැය සම්මතයි

  • November 23, 2022
  • No Comment
  • 62

සජබ-ශ්‍රීලනිප-ජාජබ-විමල්-ඩලස් කණ්ඩායම් විරුද්ධ වෙති
දුමින්ද-ඩබ්ලිව්. ඩී.ජේ.-පියංකර පක්ෂ වෙති
දෙමළ සන්ධානය සභාගැබේ නෑ
විග්නේෂ්වරන් ඡන්දයෙන් වළකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 37 කින් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 121 ක්ද විරුද්ධව ඡන්ද 84 ක්ද ලැබිණි.

අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය මෙන්ම විමල් වීරවංශ හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම්ද අයවැයට විරුද්ධ විය. සී. වී, විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැයට ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, දුමින්ද දිසානායක හා ආණ්ඩුවට විරුද්ධ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරු අයවැයට පක්‍ෂව ඡන්ද ප්‍රකාශ කළහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද අයවැයට පක්‍ෂ විය.

ඡන්ද විමසීම ඊයේ පස්වරු 6.00 ට පමණ ඉලෙක්ට්‍රානික ක්‍රමයට සිදු කෙරිණි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර ඒ සඳහා දින හතක කාලයක් වෙන් කර තිබිණි.

ඊයේ අයවැය දෙවැනි වර කියවීමෙන් පසුව අද (23 දා) සිට අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදය ඇරඹෙන අතර එය ලබන දෙසැම්බර් මස 08 වැනිදා දක්වා පවත්වා කාරක සභා අවස්ථාවේ සංශෝධන එක් කොට ඡන්ද විමසී සිදු කෙරේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *