වසරේ පළමු භාගයේදීම පොල්ගෙඩි මිලියන 93 ක් විනාශයි

වසරේ පළමු භාගයේදීම පොල්ගෙඩි මිලියන 93 ක් විනාශයි

  • November 28, 2022
  • No Comment
  • 165

මෙම වසරේ පළමු භාගය තුළ වන සත්ව හානි හේතුවෙන් ආහාර භෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතලිස් හතර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. පොල්ගෙඩි මිලියන 93 ක් විනාශ වී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සකස් කර ඇති ගොවිජන වන සත්ව ගැටුම පිළිබද පර්යේෂණ වාර්තාව මෙම තොරතුරු හෙළිකර තිබෙනවා.

පිළිගත ප්‍රභවයන් මත ලබාගත් මිල ගණන්වලට අනුව ඇස්තමේන්තු කළ විට එම ආහාර භෝග වටිනාකම රුපියල් මිලියන 30,215 ක් බව එම වාර්තාවේ සදහන්. මෙම වසරේ වැඩිපුරම හානියට පත්ව ඇති භෝගය වන්නේ පොල් ශාකයයි. ඒ තුළින් පොල් ගෙඩි මිලියන 93 ක් අහිමිවී ඇති අතර එහි පාඩුව රුපියල් මිලියන 6,638 ඉක්මවනවා. මෙම සියලු තොරතුරු ඇතුළත් වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබාදීම පසුගියදා සිදුකෙරුණා.

අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග අධ්‍යනය සදහා කමිටුවක් පත්කර අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *