ලෝක බැංකුවෙන් ලෝකයටම රතු එළි

ලෝක බැංකුවෙන් ලෝකයටම රතු එළි

  • October 10, 2022
  • No Comment
  • 38

ලෝක බැංකු සභාපතිගෙන් ප්‍රකාශයක්

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් අද (10) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමරිකාවේ වොෂිංටන් හිදී අද (10) ආරම්භ විය.

එම අවස්ථාවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මෙම අදහස් ප්‍රකාශ කළේය.

එළඹෙන (16) වනදා දක්වා පැවැත්වෙන එම සමුළුවට ලොව සෑම රටකම පාහේ මහ බැංකු අධිපතිවරුන්, මුදල් අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් සහභාගී වේ.

ලෝක ආර්ථිකය ප්‍රමුඛ ගෝලීය ප්‍රවනතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය මෙන්ම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගයීමට ලක් කිරීම සමුළුවේ මූලික අරමුණ වේ.

මෙවර සමුළුවට ශ්‍රී ලංකා නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන අයද එක්ව සිටිති.

මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සහභාගි වන්නේ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා කාර්යය මණ්ඩල එකඟතාවකට එළඹ ඇති පසුබිමකය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *