ලංගමයේ බස් රථ ගමනාන්තය බැලීමට ඩිජිටල් සිතියම් සහිත යෙදවුමක් (APP).!

ලංගමයේ බස් රථ ගමනාන්තය බැලීමට ඩිජිටල් සිතියම් සහිත යෙදවුමක් (APP).!

  • November 7, 2022
  • No Comment
  • 33

ලංගමයේ අලුත්ම බලාපොරොත්තුව

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගමන් ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා ධාවනය කිරීමේ දී අතරමග එක් එක් නැවතුම දක්වා ගමන් කිරීමට ගතවන කාලය, දුර ප්‍රමාණය දැක්වෙන ඩිජිටල් සිතියම් සහිත යෙදවුමක් (APP) සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙම යෙදවුම් ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව සකස් කරන බවත්, මෙහි සංකල්පය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ බව මැනුම්පති ඒ. දිසානායක පැවැසීය. මෙම සිතියම් ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මුලින්ම ආරම්භ කිරීමට නියමිත බවද මැනුම්පතිවරයා පැවසුවේය.

ලංකා ගමනාගමන මණ්ඩලය කොළඹ දිස්ත්‍රික්කයේ බස් රථ ධාවනය කරන මාර්ග සහ එක් එක් බස් නැවතුම දක්වා ගමන් ආරම්භයේ සිට ගතවන කාලය මෙම සිතියමට ඇතුළත් කෙරෙන බවත්. එමෙන්ම වාහන තදබදය වැඩි සහ අඩු අවස්ථාවන්හිදී ඒ ඒ බස් නැවතුමට ගමන් කිරීමට ගතවන කාලය මෙම 3D සිතියම් මගින් දැක්වෙන බවද මැනුම්පතිවරයා කීවේය. සිතියම් සහිත මෙම යෙදවුමට කඩිනමින් රට පුරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ධාවනය කරන සියලු මාර්ග පද්ධති ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *