රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කියපු අය කොළඹ අක්කා කෙනෙක්ට සල්ලි දීලා -නාමල්

රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කියපු අය කොළඹ අක්කා කෙනෙක්ට සල්ලි දීලා -නාමල්

  • October 16, 2022
  • No Comment
  • 25

“අරගලයට මොකද වුණේ” යනුවෙන් අවංකව අරගලය කළ පිරිස් තවත්මත් ගෝල්ෆේස් පිටියට වී කල්පනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) නාවලපිටිය ප්‍රදේශයේ පැවැති පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“අවංකව මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා පාරට ආපු පිරිසක් ඉන්නවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා පිරිසකුත් පාරට ආවා. ඒ අය මේ හයිජැක් කෙරුවා. ඒ හයිජැක් කරපු බොහෝ පිරිස් වර්තමාන ආණ්ඩුවේ තනතුරුවල ඉන්නවා. අවංකව අරගලය කරපු මනුස්සයා තවම ගෝල්ෆේස් එකට වෙලා කල්පනා කරනවා මොකක්ද වුණේ කියලා ? ඒ එක්කම තවත් කාරණයක්. එදා අපිට හොරා කිව්වා. මට විතරක් නෙමෙයි  මේ වේදිකාවේ ඉන්න හැම කෙනාටම හොරා කියලා FCID ගෙනිහිල්ල නඩු දැම්මා, උසාවි දැම්මා, බොරු චෝදනා හැදුවා. අවසානයේ අපි අධිකරණවලින් නිදොස් කොට නිදහස්  වුණා. අද වර්තමානයේ සමහර දේශපාලන පක්ෂවල තමන්ගේ පැවැත්ම පාලනය කරන්නේ මඩවලින් සහ තවත් කෙනෙක්ට හොරා කියන තේමාව යටතේ. යම් කෙනෙක්ගේ වැරැද්දක් වෙලා තියෙනවා නම් අධිකරණ ක්‍රමවේදය හරහා දඬුවම් දෙන්න ඕනේ. අපි දැක්කා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා යම් කාරණයක් ගැන විගණකාධිපතිවරයා යම් තීන්දුවක් දීලා තියෙනවා. දැන් ඒ තීන්දුව පිළිබඳව පරීක්ෂණයක් කරන්න. එහෙම නැතුව එන හැම කෙනාටම හොරා හොරා කිය කිය යන්නේ නැතුව. යම් වැරැද්දක් තියෙනවා නම් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. පසුගිය කාලයේ අරගලයට වෙලා රාජපක්ෂලාගේ කළු සල්ලි තියනවා කියපු බොහෝ අය කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කළු සල්ලි තියෙනවා කිව්වේ. සල්ලි දීපු ලැයිස්තුව බැලුවහම අපි හැර අනිත් ඔක්කෝම ඉන්නවා. අපිට හොරා කියලා කිව්වේ, අපි ගාව කළු සල්ල තියෙනවා කිව්වේ.  හැබැයි දැන් කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට ඒ සල්ලි ටික දීලා.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *