රනිල් රාජපක්ෂ භීෂණ පාලනයට එරෙහි වෙන්න: හෙට උදේ ජිනීවා එන්න..!

රනිල් රාජපක්ෂ භීෂණ පාලනයට එරෙහි වෙන්න: හෙට උදේ ජිනීවා එන්න..!

  • August 27, 2022
  • No Comment
  • 50

රනිල් රාජපක්ෂ 134 දෙනෙකුගේ ඡන්දයෙන් ජනාධිපති වී මාසයකුත් දවස් 7 ක් පසුවුන ද තවම ස්ථිර කැබිනට්ටුවක් පත් කර ගැනීමට නොහැකිව තටමයි. නමුත් බලවත් රාජපක්ෂලා තිදෙනෙකුම පන්නා දැමූ ඒ ඓතිහාසික ජනතා නැගී සිටීමට දායක වූ ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අල්ලා නඩු නැතිව හිරේ විලංගුවේ දමමින් රන්ජන් නමැති මොළය කළඳක් නැති, කට නිසා හිරේ වැටුනු නළු දේසපාලුවා හිරෙන් එළියට ගෙන පම්පෝරි ගසයි. පසුගිය 22 දා වන විට අරගලයේ විවිධ ක්‍රියාකාරීන් 3353 ක් අත් අඩංඟුවට ගෙන ඇති බවත් ඉන් 1255 ක් තවමත් අත්අඩංගුවේ පසු වන බවත් මාධ්‍යවේදී රංග ජයසූරිය හෙළිකර තිබිණ.

මෙවන් බිහිසුණු මර්දනයක් පවත්වාගෙන යන අතරේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කිසිදු සාර්ථක පියවරක් ගෙන නැත. මූල්‍ය ආධාර ලබා ගැනීමට නම් පොදු එකඟතාවයකට එන්නැයි ලෝකයා පුන පුනා කීව ද පොදු දේශපාලන එකඟතාවයක් හදා ගැනීමට ද නොහැකි වී ඇත. විදුලි බිල, භූමිතෙල් මිල, වතුර බිල තුන් ගුණයකින් වැඩි කර ජනතාව නන්නත්තාර කර ඇත.

මෙවන් මර්දනයකට සහ ගොබ්බ පාලනයකට එරෙහිව “මර්දනය නවතනු, ජනමතයට එරෙහි පාර්ලිමේන්තුව විසිරවනු.!” සටන් පාඨය යටතේ හෙට 28 ඉරිදා ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පක්ෂ පාට භේදයෙන් තොරව සූදානම් වෙති. එම උද්ඝෝෂනය උදේ 11 සිට පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙස සංවිධායකයෝ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

LeN

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *