රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට

රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට

  • September 17, 2022
  • No Comment
  • 77

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත.

ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය ගොවිපොළ( 1054), අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ( 1477), අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ( 1632) සහ හම්බන්තොට වීරවිල ගොවිපොළ ( 472) ය.

මින් සමහරක් ලාභ ලැබූ ගොවිපොළවල් බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි,මස්, කෘෂිකාර්මික බෝග වගාව( සත්ව පාලන සඳහා අවශ්‍ය) සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *