යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදවීම දැඩි ලෙස හෙළා දකී .!

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදවීම දැඩි ලෙස හෙළා දකී .!

  • July 24, 2022
  • No Comment
  • 53

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය.

මෙම නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය යුරෝපා සංගමය අවධාරණය කරන බවයි.

විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තාව පිළිබඳව අවධානය යොමු කරන යුරෝපා සංගමය සාමකාමීව රැස්වීමේ සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවධාරණය කරන අතරම සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දැක තිබේ.

නිවේදනයන් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය GSP ප්ලස් කැපවීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *