මෙරට ත්‍රීරෝද රථ ක්ෂේත්‍රයේ පෙරළියකට ඇමරිකාවේ සහාය. ගිවිසුම් අත්සන් කරයි !

මෙරට ත්‍රීරෝද රථ ක්ෂේත්‍රයේ පෙරළියකට ඇමරිකාවේ සහාය. ගිවිසුම් අත්සන් කරයි !

  • August 17, 2022
  • No Comment
  • 45

ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ, විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට හැකි කරවීමට පහසුකම් සපයනු ලබන අවබෝධතා ගිවිසුමක් ඊයේ (16) අත්සන් තබා තිබේ.

ඒ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනයේ (USAID) ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අතර ය.

මේ හවුල්කාරීත්වය යටතේ, ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් වාහන සමාගම වන DMPC සමාගම, අභ්‍යන්තර දහන එන්ජින් ත්‍රීරෝද රථ, විදුලි ත්‍රීරෝද රථ බවට පත් කර ඔවුන්ගේ දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු සේවා ලබා දෙනු ඇත. USAID සහාය දක්වන ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන DMPC වෙත තාක්ෂණික සහාය ලබා දෙන අතර විදුලි ත්‍රීරෝද රථවල ව්‍යාප්තිය සඳහා සක්‍රීය පරිසරයක් ගොඩනැගීමට උපකාරී වන ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) ජාලයක් ස්ථාපිත කරනු ඇත.

“ත්‍රීරෝද රථ විදුලියෙන් ක්‍රියා කරවීම සඳහා USAID සහ DPMC අතර ඇති වන මෙම හවුල්කාරීත්වය නවමු සහ උද්යෝගකර අවස්ථාවක්. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බොහෝ ඵලදායී වේ. එමෙන්ම, මේ වැඩසටහන වැනි තිරසාර බලශක්ති වැඩසටහන් සියලු ශ්‍රීී ලාංකිකයන් සඳහා වඩාත් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට උපකාරී වනවා” යැයි එහිදී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපතිනී ජුලී චංග් මහත්මිය පැවසුවාය.

ඩේවිඩ් පීරිස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා එහිදී සඳහන් කළේ “ලක්ෂ 5කට අධික පිරිසකට තිරසාර රැකියා නිර්මාණය කරමින් දිවයින පුරා පොදු සහ පුද්ගලික ප්‍රවාහන යන දෙකටම අතිරේකව පහසු සහ ප්‍රවේශ විය හැකි ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රීරෝද රථ කර්මාන්තය හඳුන්වා දී ගොඩනැගූ පුරෝගාමීන් ලෙස DPMC විදුලි ත්‍රීරෝද රථ සාර්ථක ලෙස හඳුන්වාදීම සහතික කිරීමට දැඩි ලෙස කැප වී සිටිනවා. 2016 සිට මෙම ගමනේ යෙදී සිටින අපි, මූලික ආකෘති කිහිපයක් සාර්ථකව පරිවර්තනය කර පරීක්ෂා කර බලා තිබෙනවා. USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ සහාය ඇතිව, වෙළදපල පිළිගැනීම සහ වාණිජ ශක්‍යතාව සහතික කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කළ හැකි බව අපිට විශ්වාසයි” යනුවෙනි.

විදුලියෙන් ගමනාගමනය සම්බන්ධයෙන් USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන විසින් නිවේදනය කරන ලද දෙවන හවුල්කාරීත්වය මෙයයි. 2022 ජූනි මාසයේදී, මෙම වැඩසටහන, VEGA Innovations ආයතනය සමඟ විදුලි ත්‍රීරෝද රථ ප්‍රවර්ධනය කිරීම සහ දේශීයව නිර්මාණය කරන ලද බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය සඳහා සහාය වීම සඳහා ද මෙවැනි ගිවිසුමක් අත්සන් කරන ලදි.

LNW

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *