මිරිහානෙන් එදා පටන් ගත් ජනතා විරෝධයට අදට මාසයයි: කිසිම පක්ෂයකට, සංවිධානයකට කරන්න බැරිවුණු ජනතාව සිදුකළ වෙනස්කම් මෙන්න..
- April 30, 2022
- No Comment
- 43
ඉතිසාසය පුරා ජන අරගල බිහිවුණේ පවතින ජරාජීර්ණ පාලන ක්‍රමයන් වෙනස් කිරීමටයි.
එක් එක් යුගවලදී පැවති පාලන තන්ත්‍රවල ස්වභාවය අනුව ඒ ජන අරගල වල ස්වභාවයත් වෙනස් විය.
අද ලෝකය වෙනස්. අරගල කරන්න මතවාද සමඟ භාවිතයට ගැනෙන්නේ Facebook – twitter – WhatsApp ආදී සමාජ මාධ්‍ය ජාලා, තාක්ෂණය සමඟ මුසුවුණු නිර්මාණාත්මක කලාවන් සහ නව සන්නිවේදන ආකෘති. අද අපේ රටේ මතුවෙලා තිබෙන අර්බුධවලට විසඳුම් ඉල්ලන තරුණ පරම්පරාවත් මේ නව අත්හදා බැලීම් සමඟ කරන අරගලයක් ලෙස ගෝඨාගෝගම හැඳින්විය හැක.
මේ තරුණ අරගලය ආරම්භ වී අදට මාසයක්
2022 මාර්තු 31 –
ගැටළු වලට විසදුම් ඉල්ලූ ජනතාව මිරිහානේ පිහිටි ජනපති නිවසට ,විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට
2022 අප්‍රේල් 01 –
මිරිහාන විරෝධතාකරුවන්ට නොමිලේ නීති සහාය දෙන්න නීතිඥවරු විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
ඉතිහාසයේ පළමු වතාවට සැකකරුවන් විදිහට මේ අරගලකරුවන් රැගෙන යනවිට නීතීඥ ප්‍රජාව අත්පොලසන් දුන්නේ ය.
අප්‍රේල් 02 – හදිසි නීතිය මැද ඇදිරි නීතිත් පැනවීමට පියවර ගැණින.
ඉතිහාසයේ පළමුවරට රටපුරා ඇඳිරි නීතිය ,එහෙත් ජනතා විරෝධතා ක්‍රියාත්මක විය.
අප්‍රේල් 03 වැනිදා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අත්හිටෙව්වා. නමුත් පැය 12ක් ගතවෙන්නත් කලින් සමාජ මාධ්‍ය තහනම අකුලා ගැනීමට සිදුවිය.
සියළු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය.
ඒ සමඟ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් තනතුර හැරයන්න සිදුවුණේ මේ තරුණ අරගලය නිසාවෙනි.
ඒ විතරක් නෙවෙයි තවත්කෙනෙකුට ධුරය හැරයන්න සිදුවිය, ඒ කැබිනට් බලතල සහිතව සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාටයි.
අප්‍රේල් 04 –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාම ආණ්ඩුවෙන් ඉවත්වුණේ ඊට පසුදිනයේ දීයි.
අප්‍රේල් 5/06
අන්තර්වාර පාලනයක් ගැන, කතාබහක්
එකදිගටම ජනතා විරෝධතා.
ඒ විරෝධතා මැති ඇමතිවැන්ගේ නිවෙස් ඉදිරිපිටටත් ගමන් කළේ ය.
අවසානයේ පාර්ලිමේන්තුවටත් රැස්වෙන්න වුණේ දැඩි ආරක්ෂාව මැද….
අප්‍රේල් 09
ගෝඨාගෝගම මහජන විරෝධය ගාලු මුවදොර පිටියේ ආරම්භ විය.
අවු වැසි මැද විරෝධය අඛණ්ඩව
මේ අතරේ අප්‍රේල් 11වැනිදා රටේ අර්බුදය ගැන අගමැති ජාතිය අමතමින් ප්‍රකාශයකුත් කළේ ය.
අප්‍රේල් 12-13-14-15
ගොඨාගෝගමට අලුත් අවුරුදු
සහයට ගෝඨාගෝගම්, රට පුරා..
ගෝඨාගෝගම ජාත්‍යන්තරයේ අවධානයට..
ලෝකයේ පළමු වරට ක්‍රියාත්මක වුණු මෙම සාමකාමී නිර්මාණශීලී විරෝතාව , එහි ඇති සාමාකාමී බව නිසාම ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්විය.
මධ්‍යම රාත්‍රී සිදුකළ විශාල තෙල්මිල වැඩිකිරීමට විරෝධය පළකරමින් 20 වැනිදා රඹුක්කන ජනතා විරෝධයට පොලිස් වෙඩි , අවසානයේ 13ක් තුවාලවී එක්අයෙකුට ජීවිතය අහිමි විය.
අප්‍රේල් 24
අන්තරේ සිසුන් අගමැති හමුවෙන්න විජේරාම නිල නිවසට ගියේ අගමැතිවරයා සාකච්ඡාවකට කළ ආරාධනාවත් සිහිපත් කරමිනි.
එතැන්සිට අන්තර් වශ්වවිද්‍යාලයීය සරසවි පාගමන ගෝඨාගෝගමටත්..
අප්‍රේල් 26
අගමැති ඉවත් වෙන්න – අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගම ඇරඹෙයි.
අප්‍රේල් 28
රටපුරාම වැඩවර්ජනයක් කළේ වෘත්තිය සමිති දහසකට අධික සංඛ්‍යාවක දායකත්වයෙන් ඉතිහාසයේ පළමු වරටයි.
මේ අතර රඹුක්කන වෙඩිතැබීමට සැකපිට ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරයෙක් සමඟ පොලිස් කොස්තාපත්වරු තුන්දෙනක් අත්අඩංගුවට පත්විය.
අප්‍රේල් 29
ආණ්ඩුවේ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් ජනපති හමුවිය.
සාකච්ඡා කළේ ගෝඨාගෝගම මුල්කරගමින් සමාජය කරන ඉල්ලීම් ගැනයි.
සර්ව පාක්ෂික අත්තර්වාර ආණ්ඩුවකට ජනපතිගේ කැමැත්ත පළවුණූ බව සඳහන් විය.
කිසිම දේශපාලන පක්ෂයකට, ජාත්‍යන්තර සංවිධානයකට කරන්න බැරිවුණු වෙනස්කම් ගොඩක් මාසයක් තුල ජනතාවට කරන්න පුලූවන් වුණා නේද?
මෙයින් නැවත නැවතත් තහවුරු වන්නේ THE POWER OF THE PEOPLE IS GREATER THAN THE PEOPLE IN POWER නැතිනම් ජනතාව සතු බලය – බලයේ සිටින මිනිස්සු සුලු පිරිසකගේ බලයට වඩා බලවත් ය යන යන කියමන නෙවෙයිද?
මේ අරගලයට නායකයෙක් නැති බව දේශපාලඥයෝ පවසයි. ඒත් නායකයෙක් නැති මේ අරගලය සැමට ආදර්ශයක්.
ඒ අරගලයේ ඉන්න තරුණයින් තරුණියන් මාසයකින් කළ දේවල් නායකයෙක් ඇති දේශපාලන පක්ෂ අවුරුදු 74කට සිදුකර ඇද්ද කියන කාරණය ජනතාව අද බුද්ධීමත්ව සන්සන්දනය කරයි.
News 1st