මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට..
- September 24, 2022
- No Comment
- 40
මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතාවට එක් වූ 84ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේ ය.
ඔවුන් පාගමන ආරම්භ කළේ, අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට යන්න තේමා කර ගනිමිනි.
කොළඹ ලිප්ටන් වටරවුම අසළින් විරෝධතා පාගමන අරම්භ වීමට සූදානම් වුවත් ඒ සඳහා අවසර දිය නොහැකි බව පොලීසිය එහිදී නිවේදනය කළේ ය. මරදාන දෙසට ගමන්ගත් විරෝදතා රැලියේ 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්විය