භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කටයුතු සඳහා ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙනවා

භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කටයුතු සඳහා ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙනවා

  • October 30, 2022
  • No Comment
  • 35

භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කටයුතු සඳහා තරුණ තරුණියන්ට මෙන්ම ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් මෙන්ම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ඇතුළු ආයතන කිහිපයක ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කිසිදු භාවිතයකින් තොරව පවතිනවා. රජය මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රජයේ ඉඩම් බදු පදනම මත ලබාදීමේ තීරණයක් ගෙන ඇති මුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතින බවද මෙහිදී පෙන්වා දුන්නා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් බණ්ඩාර, යදාමිනි ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *