බොරතෙල් ආනයනයෙන් ඩොලර් මිලියන 100ක වංචාවක් ගැන හෙළිදරව්වක්..

බොරතෙල් ආනයනයෙන් ඩොලර් මිලියන 100ක වංචාවක් ගැන හෙළිදරව්වක්..

  • October 5, 2022
  • No Comment
  • 21

මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 100ක වංචාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා.

“අලුතින් ඉදිරිපත්වෙලා තියෙන අලුත් කම්පනි එකක්, විශේෂයෙන්ම කොරල් එනර්ජි DMCC කියන කම්පනි එක මම හිතන්නේ මේ නව සමාගම ඉදිරිපත්වෙන්නේ වර්තමාන අමාත්‍යවරයා පත්වීමත් එක්ක. ඊට පෙරාතුව කිසිවිටෙක කොරල් එනර්ජි කියන සමාගමෙන් ලංකාවට පෙට්‍රල් හෝ ඩීසල් හෝ භූමිතෙල් ගෙන්වලා නෑ. මේ කම්පනි එකට දිගින් දිගටම සියලුම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් පහුගිය කාලවකවානුවේ  ගෙනාපු තෙල් වර්ග ගණනාවක මේ ප්‍රශ්නය සිද්ධවුනා. බ්‍රෙන්ට් crude oil එකේ ගාණ ඌරල් crude oil එකට වඩා ගණන් වැඩියි. හැබැයි ඌරල් crude oil එක තමයි මේගොල්ලෝ ගෙන්වනවා කියලා මේ කොම්පනිය අත්සන් කරපු නැත්නම් ඔවුන් දීල තියෙන තොරතුරු අනුව තියෙන්නේ. නමුත් ඇත්තටම ඔවුන් ඌරල් crude oil එකට ගාණ දාන්නේ බ්‍රෙන්ට් crude oil එකේ ගාණ. එතකොට ඇත්තටම මේකේ පාඩුව ඩොලර් මිලියන 30ක්. ඒකෙ ප්‍රමාණය ගත්තොත් මෙට්‍රික් ටොන් 99,673ක් ගෙනාවා. ඒක වැඩිකරලා බැලුවොත් මිලියන 51.270යි, මේ ඇත්තවශයෙන් ලංකාව ගෙවිය යුතු ප්‍රමාණය. නමුත් මේගොල්ලෝ දාන්නේ බ්‍රෙන්ට් ගාණ. එතකොට ඇත්තටම  බ්‍රෙන්ට් ගාණ එකතුකරලා ගත්තාම ඩොලර් මිලියන 82.209ක් ලංකා ආණ්ඩුව ගෙවලා තියෙනවා මේකට. එතකොට ලංකාවට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 30.938ක්. මේක සහගහන අපරාධයක්. සපුගස්කන්ද පිරිපහදුව සකසා තිබෙන්නේ light crude oil වලට, ටෙන්ඩර් යන්නේ කොරල් එනර්ජි සමාගමට යූරල් crude oil ගෙන්වනවා heavy crude oil එකක්…”

“මර්බන් crude oil එක ගත්තම ඒකෙන් සාමාන්‍යයෙන් 92 ඔක්ටේන් එක එනවා සියයට 10ක්. හැබැයි දැන් ඌරල් crude oil එකෙන් එන්නේ සියයට 7යි. ඊළඟට ඩීසල් එනවා සාමාන්‍යයෙන් මර්බන් crude oil එකෙන් සියයට 30ක්. හැබැයි ඌරල් crude oil එකෙන් එන්නේ සියයට 20යි. භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මර්බන් crude oil එකෙන් එනවා සියයට 20ක්. ඌරල් එකේ එන්නේ සියයට 11යි. LPG ගෑස් එක මර්බන් crude oil එකෙන් එනවා සියයට 2ක්. LPG ගෑස් එක ඌරල් crude oil එකෙන් එන්නේ සියයට 1යි. වැදගත්ම කාරණය තමයි දැවිතෙල් සියයට 29ක් එනකොට මර්බන් crude oil එකෙන්. සියයට 54ක් එනවා මේ ඌරල් එකෙන්.” 

“ඒ නිසා අපි කියන්න කැමතියි ආණ්ඩුවට මේ වේලාවෙත් මේ හොරකම, අපි දන්නවා මේකෙන් සියයට 20ක් පමණ තිබුණේ මේ රටේ හිටපු රජ කෙනෙකුගේ පුතෙකුට. ඒ සියයට 20ක් විතර තිබුණාම පස්සේ මේක කොටස් පරිවර්තනයක් කරලා, ඒ කොටස් ටික වෙනම විදියකට දැන් පරිවර්තනය කරගෙන තියෙනවා. බොහොම වගකීමක් ඇතුව මම මේ කියන්නේ, ඒජන්තවරු ලංකාවේ ඉන්න ඒජන්තයෝ, ඊළඟට ලංකාවේ ඒජන්තයන් එක්ක කටයුතු කරන දේශපාලනඥයෝ, මේ සියලුදෙනාම මේකෙන් මිලියන 100කට වැඩිය ඔවුන් හම්බකරගෙන තියෙනවා. ඩොලර් මිලියන 100ක් ආ. කොහේ හරි පාක් කරලා ඇති අපි දන්නේ නෑ කොහේ තියෙනවාද කියලා.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *