බැසිල්ට හිතවත් මන්ත්‍රීවරු 22 මඟ හරිති

බැසිල්ට හිතවත් මන්ත්‍රීවරු 22 මඟ හරිති

  • October 21, 2022
  • No Comment
  • 36

අද 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු සභාගැබේ නොසිටි අතර, එයින් 40කට වැඩි පිරිසක්, බැසිල් රාජපක්ෂ මහතාට හිතෛෂී මන්ත්‍රීවරුන් බව වාර්තාවේ . ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම චරිත දෙකක් වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු දෙදෙනා දක්නට නොලැබීම කැපී පෙනන දසුනක් වූ විය.

එලෙස නොපැමිණි මන්ත්‍රිවරු අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විය.ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ඇතුළත් ය.

පොදු ජන පෙරමුණ 22 වැනි සංශෝධනයේදී මුලින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ අසුනක් ලබා ගැනීම අහිමි කිරීම සම්බන්දධයෙන් තර්ක කළ අතර ඔවුන් එහිදී සඳහන් කළේ මෙම සංශෝධනය බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන සිදු කරන්නක් බැවින් එයට විරුද්ධ වෙන බවයි.

මේ අතර, පොදු ජන පෙරමුණේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ පක්ෂය නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට පවසා තිබුණේ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් දසදෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සිටින අතර සංශෝධනයෙන් පසු ඔවුන් වහාම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *