
පාස්කු සැකකරුවන් 6කට අධිචෝදනා
- September 15, 2022
- No Comment
- 63
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදුන්නේය.
ඒ, පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.
නීතිපතිවරයා විසින් ගොනුකළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දීම සිදුවුණි.