Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් ලබන 8වෙනිදා

පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් ලබන 8වෙනිදා

  • October 27, 2022
  • No Comment
  • 35
ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (27) තීරණය කළේය.

විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.

විවාදය එදින උදේ 10:30  සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන්   ප්‍රශ්න යොමු කිරීමේ වාරය එදින පෙරවරු 9.00 සිට  පෙරවරු 10:30 දක්වා පැවැත්වෙන බව  පාලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (27) පෙරවරු 11.00ට  රැස්විය.

මේ අතර බදු පනත් පිළිබඳ විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

බද්දේගම සමිත හිමි ,ටී බී ඒකනායක, චන්ද්‍රකුමාර විජේගුණවර්ධන, සහ  එස්. තුරේරත්නසිංහම්  යන  අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝකය පලකිරීමේ විවාදයක් ලබන 10 වැනිදා දවස පුරා පැවැත්වේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *