පළාත් පාලන සීමා නිර්ණ කමිටුව පත් කෙරෙයි
- November 5, 2022
- No Comment
- 46
පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කරනු ලැබීය.
එම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබ ඇත.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන්ය.