නීතිඥවරිය පැදවූ මෝටර් රිය සියඹලා ගසක ගැටී 3ක් මරුට

නීතිඥවරිය පැදවූ මෝටර් රිය සියඹලා ගසක ගැටී 3ක් මරුට

  • October 18, 2022
  • No Comment
  • 32

පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ ඇල්ල ගජනැග්ගම ප්‍රදේශයේදී ඊයේ (17දා) උදෑසන 10.30ට පමණ සිදුවූ රිය අනතුරින් තිදෙනකු මරණයට පත්ව දෙදෙනකු රෝහල්ගත කර තිබේ. මියගොස් ඇත්තේ එම නීතිඥවරියගේ මව, පියා සහ පුත්‍රයාය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකි.

හතළිස් පස් හැවිරිදි නීතිඥවරියක විසින් අනතුරට පත් රිය පදවා ඇති අතර මියගොස් ඇත්තේ එම නීතිඥවරියගේ මව, පියා සහ පුත්‍රයාය. මියගිය පුත්‍රයා සිව් හැවිරිදි ඩබ්ලිව්. එම්. ආදිත්‍ය මනුල වන අතර පියා හැත්තෑ එක් හැවිරිදි සුනන්ද වර්ණකුලසූරිය සහ මව හැත්තෑ වියැති ඩබ්ලිව්. ලීලාවතී වේ.

මාර්ගය අසල ඇති සියඹලා ගසක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෝටර් රථය පදවාගෙන ගිය නීතිඥවරිය සහ ඇගේ තවත් ඥාතිවරියක දැඩි තුවාල සහිතව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව නාගොල්ලාගම පොලිසියේ රථ වාහන අංශය පවසයි.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාගොල්ලාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර, රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (30794) අනුර, පොලිස් කොස්තාපල් (67736) බාලසූරිය යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

යාපහුව – විජේරත්න

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *