නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට

නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට

  • September 25, 2022
  • No Comment
  • 58

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

විගණකාධිපති, ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන බවය.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර්, ලක්ෂ 21 කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඇනවුම් කළේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, ඉන්දීය ගොවි පොහොර සමූපකාර සමාගමෙනි.

ඉන්දියාවේදී ඩොලර් 3 යි ශත 23 කට අලෙවි වූ  නැනෝ දියර පොහොර මිලිලීටර් 500 ක්, ශ්‍රී  ලංකාව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් 12 යි ශත 45 කටයි.

නැනෝ නයිට්‍රජන් පොහොර මිලිලීටර් 500 ක් සඳහා ඉන්දියාවේ සිල්ලර මිලටත් වඩා රුපියල් 1,867 ක පමණ වැඩිපුර අගයක් ගෙවීමට මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙම මුදල සම්පූර්ණයෙන් ඇනවුම් කළ පොහොර සඳහා වැය කළේ නම් එවක එහි වටිනාකම අනුව එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,841 ක පමණ අමතර වියදමකි.

මෙලෙස වැඩි මිලට නැනෝ නයිටජන් පොහොර ආනයනය පිළිබඳව එල්ලවූ  චෝදනා හමුවේ විගණකාධිපතිවරයා මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ අතර චීන කාබනික පොහොර සඳහා ඩොලර් මිලයන 6.9 ක් ගෙවීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා කමිටුවක් පත් කිරිමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ගැටලුව රාජ්‍ය ත්‍රාන්ත්‍රික මටට්මින් විසදා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ද කමිටුවට ඇතුළත් කර ඇති බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *