‘ද නිවුස් පේපර්’ මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උළෙලේ තරග වදියි

‘ද නිවුස් පේපර්’ මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උළෙලේ තරග වදියි

  • August 19, 2022
  • No Comment
  • 37

අගෝස්තු 12 සිට 30 වැනිදා දක්වා ඔස්‌ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවැත්වෙන 13 වන මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල සඳහා ශ්‍රී ලාංකික චිත්‍රපට දෙකක්ද තෝරා ගෙන ඇති බැව් වාර්තා වේ. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු” සහ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල අධ්‍යක්ෂණය කළ “ද නිවුස්පේපර්” එම චිත්‍රපටයි. මේ අතරින් “ද නිවුස්පේපර්” චිත්‍රපටය, ඉන්දියානු උපමහාද්වීපික අංශයේ හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත චිත්‍රපට අතරට තෝරාගෙන තිබේ. ඒ සඳහා නිර්දේශිත අනෙකුත් චිත්‍රපට වන්නේ පකිස්තානයේ “ජෝයි ලෑන්ඩ්ට්, භූතානයේ “ලුනානාට්, බංගලාදේශය විසින් ඉදිරිපත් කළ “නෝ මෑන්ඩ්ස් ලැන්ඩ්ට් හා “රෙහානා මාරියම් නූර්ට් යන චිත්‍රපටයි.

නර්තන තරග අංශය, නිදහස් දින සැමරුම, ජූරි සාකච්ඡාව හා සම්මාන රාත්‍රිය යන අංගයන්ගෙන් උළෙල සමන්විත වන අතර උළෙලෙහි පැවැත්වෙන ඉන්දීය 75 වැනි නිදහස් සැමරුම සඳහා ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් වූ කපිල් දේව් හා නළු අභිෂේක් භච්චන් එහිදී විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය. උළෙලෙහි අනෙකුත් අංග සඳහා අපර්ණා සෙන්, මෝහිට් රයිනා, ශෙපාලි ෂා, තාප්සී පන්නු, තමන්නා භාතියා, වානි කපූර් යන ඉන්දීය නළුනිළියන් හා අනුරාග් කාශ්‍යප් ඇතුළු ප්‍රකට ඉන්දීය නිෂ්පාදයන් හා අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු සහභාගි වීමට නියමිතය.

නිමල්

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *