දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇත.

දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇත.

  • September 4, 2022
  • No Comment
  • 36

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා අඩු කිරීමට යෝජනා කළේය. මෙම යෝජනාවට අනුව දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ. ඊට අදාල චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසනවා.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට අයත් රාජ්‍ය සේවකයන්ට අවුරුදු 60 සීමාව බල නොපාන බවද ලේකම්වරයා සඳහන් කරනවා. වෛද්‍ය, හෙද, ඉංජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයකට අයත් රාජ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය සේවා පදනම යටතේ අවුරුදු 63 දක්වා රාජ්‍ය සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර ඊට අදාල සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් රාජ්‍ය සේවය හැකිතරම් සීමා කිරීමට රජය තීරණය කර ඇති අතර විශ්‍රාම වයස අඩු කිරීමට තීරණය කළේ ඒ අනුවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *