තිළිණි ප්‍රියමාලි සතුව තිබී හමු වූ දුරකතනය CID යට
- October 10, 2022
- No Comment
- 36
මූල්‍ය වංචා හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී හමු වූ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාරදී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඊයේ රාත්‍රී 9.30 ට පමණ ඇය සන්තකයේ තබාගෙන සිටි දුරකතනය බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්රමික බලකාය භාරයට ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.