තිළිණි ප්‍රියමාලි ට එරෙහි පැමිණිලි ඉහළට…

තිළිණි ප්‍රියමාලි ට එරෙහි පැමිණිලි ඉහළට…

  • October 9, 2022
  • No Comment
  • 44

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ එම සැකකාරියට මුදල් ලබාදුන් බවට ව්‍යාජ නම් ලැයිස්තුවක් සකස් කර ඇති අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවය.

අදාළ ව්‍යාජ ලියවිල්ල සකස් කළ පුද්ගලයින්ට හා එය අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව හෙට (10) දිනයේ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව ලැබෙන පැමිණිල් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පොලීසිය පවසයි.

මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් පැමිණිලි 8ක් ලැබී ඇති බව වාර්තා වේ.

කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවෙකු මෙන්ම අපනයනකරුවෙකු වූ පුද්ගලයෙකුගෙන් අදාළ කාන්තාව රුපියල් කෝටි 22කට අධික මුදලක් වංචා කළ බවට පසුගිය මස 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණි.

හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ තවත් කාන්තාවකගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපාරිකයා විසින් දින කිහිපයක් මත යළි ලබාදෙන පොරොන්දුවට අදාළ මුදල එම සැකකාරිය වෙත ලබාදී තිබු බව සඳහන්ය.

කෙසේවෙතත් පොරොන්දු වූ කාලයේ දී එම මුදල යළි ලබා නොදීම හා අවස්ථා කිහිපයකදී අඟරු චෙක්පත් ලබාදීම හේතුවෙන් සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ව්‍යාපාරිකයා පියවර ගෙන තිබුණි.

සිද්ධියට අදාළව තිලිණි ප්‍රියමාලි පසුගිය 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම කාන්තාව පුරුද්දක් ලෙස මූල්‍ය වංචා සිදුකර ඇති බවටත් ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවරන ලද නඩු කිහිපයක් පවතින බවටත් අපරාධ වාර්තා පරීක්ෂාවේ දී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වෙනත් පොලිස් ස්ථානවලට ද තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති අතර විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද සඳහන්ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *