තවත් රට රැකියා ජාවාරමක් :  පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

තවත් රට රැකියා ජාවාරමක් : පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

  • November 20, 2022
  • No Comment
  • 49

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ලේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (20) උදෑසන වටලා අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය.

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය මඟින් දැන්වීම් පළ කර අදාළ ජාවාරම සිදුකර තිබේ.

ඒ අනුව අද (20) උදෑසන අදාළ පෞද්ගලික හෝටලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

එහිදී එම වැඩසටහනට සහභාගී වන පුද්ගලයින් රු 5,000ක් රැගෙන එයට සහභාගි වෙන ලෙසට දැනුම් දී ඇත.

රැකියාව ලබාදීමට රුපියල් ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බවත් පළමුව රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවිය යුතු බවටත් අදාළ දැනුවත් කිරීම සිදුකර තිබුණි.

ඉතිරි මුදල වාරික දෙකකින් ගෙවීමට හැකි බවට රැකියා අපේක්ෂි පුද්ගලයින්ට දැනුම් දී ඇත.

අද දිනයේ පැවති වැඩසටහනට පුද්ගලයින් 25 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර, එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් පොලීසිය සමග අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *