අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක්..

අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක්..

  • October 22, 2022
  • No Comment
  • 37

ඒඩ්ස් නව වාර්තා ගැන දැනුවත්ද ?

තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කළ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,

“තරුණ පරම්පරාව අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 දී තරුණ ළමයි, ඒ කියන්නේ අවුරුදු 15ත් 30ත් අතර අයගේ 25ක් හිටියා. මේ අවුරුද්දේ 53ක් ඉන්නවා තරුණ ළමයි. මේ තරුණ ළමයින්ගේ මේ එඩ්ස් වැඩිවීමට ගොඩක්ම බලපාලා තියෙන්නේ කියලා අපි හිතන්නේ මේ ළමයි ගොඩක්ම Online හරහා ඉගෙන ගන්න ගිහිල්ලා එවත් එක්ක නොයෙකුත් ලිංගික සම්බන්ධ විඩියෝ බලලා ලිංගික උත්තේජනය ඇති වෙලා කියලා. තරුණ ළමයි කිව්වට තරුණ පිරිමි ළමයි තමයි වැඩි. 2022 දී තරුණ පිරිමි ළමයි 30ක් HIV පොසිටිව් වෙලා තියෙනවා. පළමු කාර්තු දෙකේ ජූනි වෙනකන්. වැඩියෙන්ම තියෙන්නේ කොළඹ, ගම්පහ, නුවර වගේ දිස්ත්‍රික්කවල.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *