තඹුත්තේගම මංකොල්ලය : පොහොට්ටු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්අහිටුවනවා – සාගර කාරියවසම්

තඹුත්තේගම මංකොල්ලය : පොහොට්ටු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්අහිටුවනවා – සාගර කාරියවසම්

  • September 28, 2022
  • No Comment
  • 61

තඹුත්තේගම මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අද අත්අහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

අද කොළඹ පැවති මධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ, ඔහුට විරුද්ධව සාක්ෂි ඇති බව ඔප්පු වුවහොත් ප්‍රාදේශීය සභා සභික ධුරය අහිමි කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවයි.

තඹුත්තේගමදී සිදු වූ  රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබු ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරුවන් අතට පත් වූ මුදල් එම අවස්ථාවේදීම පොලීසිය භාරයට ද ගෙන තිබිණ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේ පදිංචි 48 හා 50 වැනි වියේ පසුවන්නන් දෙදෙනෙකි.

එක් සැකකරුවෙක් එම පෞද්ගලික බැංකුවේ රාජකාරි කරන ආරක්ෂක නිලධාරියෙකු බව ද වාර්තා විය.

සැකකරුවන් කොල්ල කා  තඹුත්තේගම නගරයේ තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරියෙකුට අයත් මුදල් තොගයකි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *