ජපානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්..

ජපානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්..

  • October 29, 2022
  • No Comment
  • 31

වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ් – 19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් තානාපති මිසුකොෂි මහතා විසින් ජපන් යෙන් මිලියන 800 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක්) වටිනා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට සහ රාගම ශික්‍ෂණ රෝහලට ලබාදීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය හරහා ජපානය, එම්.ආර්.අයි., ස්කෑනර්, සී.ටී. ස්කෑනර්, ඇන්ජියෝග්‍රැෆි උපකරණ, මධ්‍යම මොනිටර් (CENTRAL MONITOR) සහ ඇඳ අසල තබන මොනිටර් (BEDSIDE MONITOR) ඇතුළු නවීන ජපන් වෛද්‍ය උපකරණ රාශියක් ලබා දී ඇත. මෙම උපකරණ බෝනොවන රෝග වැනි නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් යොදාගැනේ. මෙම සීටී ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට හඳුන්වාදුන් එවැනි ආකාරයේ පළමුවැන්න වන අතර එමගින් දිනකට සාමාන්‍යයෙන් බාහිර රෝගීන් 1500 කට පමණ ප්‍රතිකාර කළ හැකි අතර එය අලුතින් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ ස්ථාපනය කර ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *